හිටපු මහ බැංකු අධිපතිගෙන් ශ්‍රී ලංකාව ගැන සහනශීලී කතාවක්..

 හිටපු මහ බැංකු අධිපතිගෙන් ශ්‍රී ලංකාව ගැන සහනශීලී කතාවක්..

හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ශ්‍රී ලංකාවට යම් සහනයක් ලැබිය හැකි වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් ඉඟි පළ කර තිබේ.

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය සහනය එලඹෙන ජනවාරියේදී බොහෝදුරට ලබාගතහැකි වනු ඇති බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ඒ තුළින් ශ්‍රී ලංකාවට තවත් මූල්‍ය ප්‍රතිපාදන රැසක් විවෘත වන බවය.

CT- CLSA දකුණු ආසියානු ආයෝජන සමුළුව අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එමගින් මූල්‍ය අරමුදලේ වැඩසටහනක් සමඟ ආරක්ෂණ මූල්‍ය පදනමක් ගොඩනගාගත හැකි බැවින් එය අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුත්තක් බවය.

Newspedia 01

Related post