ශ්‍රී ලංකාවේ ICC සාමජිකත්වය ඉවත් කිරීමට සිදුවෙන බව දන්වයි!

 ශ්‍රී ලංකාවේ ICC සාමජිකත්වය ඉවත් කිරීමට සිදුවෙන බව දන්වයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දිගින් දිගටම දේශපාලන අත පෙවීම් සිදු වුවවොත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීම සිදුවන බවට අනතුරු අඟවා ඇති බව වාර්තා වෙයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කර ඇති විශේෂ ලිපියක මෙලෙස සඳහන් වී ඇත.

මෙම ලිපිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු අනෙක් පාර්ශවයන්ට මේ වනවිට දැනුම්දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ICC සඳහන් කර ඇති පරිදි දේශපාලන අතපෙවීම් හමුවේ ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කළහොත් ICC සාමාජිකත්වය අහිමි වීම සිදුවිය හැකියි.

එමෙන්ම ශ‍්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන අතපෙවීම් සිදුවන්නේදැයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පරීක්ෂණයක් කළහොත් එමගින් මෙරට ක්‍රිකට් ක‍්‍රීඩාවට දැඩි බලපෑම එල්ලවනු ඇති බව ද ලිපියේ දන්වා තිබේ.

ICC සාමාජිකත්වය අත්හිටුවීම, ICC ඉසව් සඳහා සහභාගිවීමට නුසුදුසු ලෙස නම් කිරීම සහ මූල්‍ය ආධාර ලබාදීම නවත්වා දැමීම යන කරුණු එකක් හෝ සියල්ලම සිදු කිරීමට ඇති බවද එමගින් තවදුරටත් අනතුරු අඟවා ඇත.

Newspedia 02

Related post