මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් එන්නත් කරගත් පාසැල් සිසුවෙකු මිය යයි!

අධි මාත්‍රාවකින් මත්ද්‍රව්‍ය ශරීරගත වීම හේතුවෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.
යාපනය කෝපායි පොලිස් වසමේ 15 හැවිරිදි පිරිමි ළමයෙකු මෙලෙස මත්ද්‍රව්‍ය ශරීරගත වීම හේතුවෙන් ඇති වූ අසාද්‍ය තත්වයක් හේතුවෙන් ඊයේ (29) දින මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙම සිසුවා හදිසියේ වැළැඳුණු හෘදයාබාදයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිසුවා මියගොස් ඇත.
අනතුරුව යාපනය ශික්ෂණ රෝහලේදී සිදුකරන ලද පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරනය වී ඇත්තේ අදාල පිරිමි දරුවා මත්ද්‍රව්‍ය සිරුරට අධිමාත්‍රාවක් එන්නත් කරගැනීමේදී අති වූ ආසාදනයක් හේතුවෙන් මිය ගොස් ඇති බවයි.