ඉන්දියානු රුපියල් මෙරට භාවිතා කිරීමට දෙරටේම අනුමැතිය හිමිවේ! – විදෙස් මාධ්‍ය

 ඉන්දියානු රුපියල් මෙරට භාවිතා කිරීමට දෙරටේම අනුමැතිය හිමිවේ! – විදෙස් මාධ්‍ය

පසුගිය දිනවලදී කතා බහට ලක්වූ ඉන්දියානු රුපියල් මෙරට භාවිතයට ගැනීමේ සැලසුම් සනාථ කරමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත්තේ ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීමට ඉන්දීය රජය එකගතාව පල කර ඇති බවයි.

මේ සඳහා රටවල් දෙකේම කැමැත්ත ලැබී ඇති බවත් ශ්‍රී ලංකාවේ ඉල්ලීමක් අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත් සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ඉල්ලීමක් අනුව ඉන්දීය රජය මෙම අවසරය දී ඇත්තේ ඇමරිකානු ඩොලර් දස දහසකට සමාන ඉන්දීය රුපියල් ප්‍රමාණයක් ලාංකියන් සතුව තබා ගැනීමට අවසර දෙමිනි.

මේ සඳහා ශ්‍රී ලංකාවේ බැංකු විසින් ඉන්දියාවේ බැංකු සමඟ එකතු වී nostro ගිණුම් විවෘත කලයුතු බවද විදෙස් මාධ්‍ය පුවත මගින් පවසා තිබේ.

ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන විදේශ සංචිත හිඟය මගහරවා ගැනීම සඳහා මෙම පියවර සහාය වනු ඇතැයි ද ඉන්දීය මාධ්‍ය කියා සිටියි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දීය රුපියල් මෙතෙක් නම් කරන ලද විදේශ මුදල් ඒකකකයක් ලෙස තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.

සම්පුර්ණ විදෙස් මාධ්‍ය වාර්තාව මෙතැනින්…

Newspedia 02

Related post