අමරවීරගෙන්, මෛත්‍රීට තර්ජනාත්මක ලිපියක්!

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාවකට එරෙහිව නීතිමය පියවර ගන්නා බව දන්වා ලිපියක් යොමු කර තිබේ.
ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ කැඳවා ඇති එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභා රැස්වීම සම්බන්ධයෙනි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා වන්නේ තමන් බවත් ඒ අනුව සන්ධානයේ ව්‍යවස්ථාව අනුව විධායක සභා රැස්වීමක් කැඳවීමට බලය ඇති තමන්ට බවත් මහින්ද අමරවීර මහතා එම ලිපිය මගින් හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
