හැම රජයක්ම අඛණ්ඩව විදුලිය දුන් දිඹුලාගල ආරණ්‍ය සෙනසුනේ විදුලිය කපා දමයි

 හැම රජයක්ම අඛණ්ඩව විදුලිය දුන් දිඹුලාගල ආරණ්‍ය සෙනසුනේ විදුලිය කපා දමයි

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමත් සමග සාමණේර භික්ෂූන් වහන්සේලා මෙන්ම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා දෙසීයකට ආසන්න පිරිසක් දැඩි අසීරුතාවට පත්ව සිටින බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නායක හිමියෝ පැවසූහ.

හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන සමයේ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සඳහා විදුලිය නොමිලේ ලබා දුන් අතර එතැන් පටන් බලයට පත් සෑම රජයක් විසින්ම විදුලිය අඛණ්ඩව ලබාදීමට කටයුතු කළ අතර වත්මන් රජය මගින් හිටි හැටියේ මෙහි විදුලිය කපා දැමීම් දැඩි කනස්සල්ලට පත්ව වු බවද සිරියාලංකාර නාහිමියන් සඳහන් කළහ,

අපවත් වී වදාළ දිඹුලාගල ආරනණ්‍ය සේනාසනාධිපති මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන්ගේ ජාතික, ආගමික, ශාසනික මෙහෙවර අගය කරමින් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට සෑම රජයක්ම විදුලිය, ජලය, ඇතුළු සියලු පහසුකම් ලබා දුන් අතර වන අලි තර්ජන දැඩිව පවතින දිඹුලාගල ආරණ්‍ය සේනාසන පූජා භූමිය තුළ විදුලිය විසන්ධි කිරීමෙන් තම ස්වාමීන් වහන්සේලා දැඩි අවදානමකට මුහුණ දීමට සිදුව ඇති බවද විශේෂ ප්‍රකාශයක් කරමින් දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී ොය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.

මෙම මාසය වනවිට විට විදුලි බල මණ්ඩලයෙන් රුපියල් ලක්ෂ 5කට වැඩි විදුලි බිලක් ආරණ්‍ය සේනාසනය වෙත ලැබී තිබෙන අතර මෙරටේ ඇතැම් මැති, ඇමතිවැතිවරු, රුපියල් ලක්ෂ, කෝටි ගණන් ජල, විදුලි, බිල්පත් රජයට ගෙවීමට තිබෙන වකවානුවක දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පුණ්‍ය ආයතනයකට මෙවැනි විදුලි විසන්දි කිරීම අසාධාරණය බවද මේ පිළිබඳ වහා අවධානය යොමුකර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමා අගමැතිවරයාගේ මෙන්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද රාහුලාලංකාර නාහිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.

Newspedia 01

Related post