දකුණු ආසියානු කරාටේ ශූරතාවය ඉන්දියාවට අනුශූරතාවය ශ්‍රී ලංකාවට

 දකුණු ආසියානු කරාටේ ශූරතාවය ඉන්දියාවට අනුශූරතාවය ශ්‍රී ලංකාවට

6 වන දකුණු ආසියානු කරාටේ ශූරතාවය ඊයෙ නිමා විය. තරගාවලිය පැවැත්වුණේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී ය. තරගාවලිය දින දෙකක් පුරා පැවැති අතර, රටවල් හයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 260ක් මෙහිදී තරග වැදිණ. නේපාලය, භූතානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, ඉන්දියාව හා පාකිස්තානය මෙහි දී තරග වැදි රටවල් ය.

රන් පදක්කම් 34ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 16 ක් ලබාගත් ඉන්දියාව තරගාවලියේ ශූරතාවය ලබා ගත් අතර, රන් පදක්කම් 16 ක්, රිදී පදක්කම් 20 ක්, ලෝකඩ පදක්කම් 27 ක් ලබාගත් ශ්‍රී ලංකාව අනුශූරයන් බවට පත්විය.
තුන්වන ස්ථානය දිනාගත් පාකිස්තානය රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 12 ක් හා ලෝකඩ පදක්කම් 9 ක් දිනාගත්තේය.

Newspedia 01

Related post