මහව සිට යාපනයට, මාස 5 ක් දුම්රිය ධාවන නවතී!

 මහව සිට යාපනයට, මාස 5 ක් දුම්රිය ධාවන නවතී!

මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5ක කාලයක් නවත්වන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව අබලන්ව ඇති දුම්රිය මාර්ගය පිළිසකර කරන තෙක් එම මාර්ගය ජනවාරි මස 15 වැනිදා සිට මාස 5ක් වසා දමන බව ඒ මහතා සඳහන් කරයි.

ඔහු මෙසේ අද (28) පැවසුවේ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“මහව සිට යාපනය දක්වා දුම්රිය ජනවාරි 15 වැනිදා සිට මාස පහකට නතර කරන්න තියෙනවා. යාපනය දක්වා දුම්රිය දිගටම වැඩකළා. පිළිසකර කර නැති නිසා මහව ඉඳලා යන්නම බැරි තැනට ඇවිල්ල තියෙනවා. මාස 5ක් ඇතුළත ඒක නිමකරනවා.”

Newspedia 02

Related post