බැසිල් මැතිතුමා පහසුකම් ගත්තෙ නිකම් නෙවෙයි සල්ලි ගෙවලා

බැසිල් රාජපක්ෂ මහතා පහසුකම් ලබාගත්තේ නිකම් නොව මුදල් ගෙවීමෙන් අනතුරුව බවත්, බැසිල්ගේ සමීපතමයෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.
ඒ අනුව, ගුවන් තොටුපල ප්‍රභූ පර්යන්තය පාවිච්චි කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඒ මහතාගේ බිරිඳ එක් අයෙකුට ඩොලර් 200 බැගින් ඩොලර් 400 ක් ගෙවා ඇති බව කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
තේ පැන් සංග්‍රහය සඳහා ද මුදල් ගෙවා ඇති බවත් එම සියලු පහසුකම් සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුව ලබාගෙන ඇති බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වේ.