පොහොට්ටුව ගත් හොඳම තීරණය ‘රනිල්’ ! – අපි තවත් 2 ½ ක් බලේ ඉන්නවා!

රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරිමට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ගත් තිරණය නිවැරදි තිරණයක් බව මේ වන විට වැටහි ඇති බව හිටපු අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය ආසනයේ දෙකිද ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා…
“පසුගිය කාලයේ මම පාර්ලිමේන්තුවේදි වැඩියෙන්ම දොස් කිව්වේ රනිල් වික්‍රමසිංහට, රට මේ වැටිලා තියෙන ආර්ථික තත්ත්වයෙන් ගොඩ ගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ කියලා අපි දිර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තිරණය කලා.
එතුමාට තියෙන ජාත්‍යන්තර සම්බන්ධකම් , පල පුරුද්ද , අත්දැකිම් නිසා අපි පාර්ලිමේන්තුවේ බහුතරයක ජන්දන ලබාදිලා එතුමාව රටේ ජනාධිපති කරා.
දෙසැම්බර් මස වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු වාරිකය දෙනවා, ලබන මාර්තු පමණ වන විට මේ රටේ ආර්ථිකය නැවත ශක්තිමත් වෙනවා.
වත්මන් රජය තවත් වසර 2 ½ කාලයක් රට පාලනය කරනවා , එම කාලය අතරතුර රටේ ආර්ථික අර්බුධය තරමක් දුරට විසදෙන බවට අපට විශ්වාසයක් තියෙනවා, එම කාලය අතරතුර ජනතාවගේ ගැටළු විසදිමට අපි පියවර ගන්නවා. යනුවෙන් පැවසිය.”