පොදු අපේක්ෂකයා වීමේ සිහිනය නිසා මහ බැංකු අධිපති බොරු කියනවා!

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා බවට පත්වීමේ අපේක්ෂාවෙන් මේ වන විට ප්‍රචාරක කටයුතුවල නිරත වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ පසුගියදා රූපවාහිනී නාලිකාවක විවාදයක් සඳහා එක්වෙමිනි.
රටේ ණය තත්ත්වය ගැන කතා කරමින් ඔහු කියා සිටියේ මෙම වසර ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය රු. බිලියන 17,589 ක් එනම් ඩොලර් බිලියන 47 ක් වූ බව ය.
මහාචාර්ය මාරසිංහ සංඛ්‍යා කිහිපයක් උපුටා දක්වමින් මහ බැංකු අධිපතිවරයා වෙත අවධාරණය කළේ රටේ ණය තත්ත්වය පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රකාශ නොකරන ලෙස ය.
මහ බැංකු අධිපතිවරයා ණය සංඛ්‍යා සම්බන්ධයෙන් බොරු කියන බවට ඔහු සෘජු චෝදනාවක් කළේය.
“කෙසේ වෙතත්, අපට දැනටමත් තිබෙන ණය සම්බන්ධයෙන් නන්දලාල් කුමන ආකාරයේ බොරුවක් කීවද යන්න අපි සොයා බැලිය යුතුයි,” මාරසිංහ මහතා පවසයි.