පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු කපා කොටා ඝාතනය කරලා!

 පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු කපා කොටා ඝාතනය කරලා!

කොළඹ මට්ටකුලිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පාස්කු බෝම්බ ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර සිටි එම ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි වියේ පසුවූ අයෙකි.

පොලිසිය පවසන්නේ අද උදෑසන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර පලාගොස් ඇති බවයි.

එහිදී එල්ලවූ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

Newspedia 02

Related post