චීන ජනාධිපති පන්නා දමන්න, ජනතාව පාරට බසී!

චීන ජනාධිපති ෂි ජින්පින්ට සහ කොම්යුනිස්ට් පක්ෂයට බලයෙන් ඉවත් වන ලෙස බලකරමින් චීන ජාතිකයන් විශාල වශයෙන් මේ වනවිට විරෝධතා ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ චීනය විසින් කොරෝනා ව්‍යාප්තිය නවතා ලීමට ගෙන ඇති දැඩි කොන්දේසි වලට එරෙහිවය.
සෞඛ්‍ය නීතිවලට විරෝධය පළකර ශැන්හායි, බීජිං නගර සහ විශ්ව විද්‍යාලවල ඊයේ (26) සහ අද (27) උදෑසන චීන ජනයා මෙසේ දැඩි විරෝධය එල්ල කර ඇතැයි සමාජ මාධ්‍ය ජාලා වීඩියෝ දර්ශන සහ ඇසින් දුටු පුද්ගලයන්ගේ ගිණුම් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
මෙම විරෝධතා ඇතිවීමට ආසන්නතම සිදුවීම වී ඇත්තේ ෂින්ජියැන්ග් පළාතේ නිවාස සංකීරණයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් දහයකට වැඩි පිරිසක් මියයාමයි.
එහිදී චීනය කොවිඩ් රෝගීන් වාර්තා වන ප්‍රදේශ ලොක්ඩවුන් කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් ගිනි නිවන භටයන්ට ගින්න නිවීමට පැමිණීමට ප්‍රමාද වී ඇතැයි සමාජ මාධ්‍යවල සැරිසරන වීඩියෝ දර්ශන අඟවයි.