රොකට් ඉංජිනේරු චිචී යවපු චන්ද්‍රිකාවට, අදට අවු: 10ක්!

ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව වන Super SAT-I අභ්‍යවකාශ ගත කොට අදට අවුරුදු 10ක් සපිරෙයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් ව්‍යාපෘතියේ තාක්ෂණික උපදේශක/ඉංජිනේරුවරයෙකු බව පවසන රෝහිත රාජපක්ෂ මහතා විසින් මෙම චන්ද්‍රිකාව 2012 නොවැම්බර් 27 දින සවස 3:43 ට පමණ සුබ මොහොතින් කක්ෂගත කරන ලදී.
2012 ඔක්තෝබර් 25 දින ආරම්භ කරන සුප්‍රීම්සැට් නම් සමාගම විසින් මෙරට ආණ්ඩුව හා සම්බන්ධ වී චීනය විසින් නිෂ්පාදනය කරන ලද මෙම චන්ද්‍රිකාවේ නම, ගැලවී යන කොටස් කිහිපයක අයිතිය හා ශ්‍රී ලංකාවේ කොඩිය එහි ලකුණු කිරීමට ගිවිසුම් ගත වූ අතර ඒ සඳහා ශ්‍රී ලංකා රජය ඩොලර් මිලියන 500ක් වැයකොට තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ සුප්‍රීම්සැට් සමගම ආරම්භ වන්නේ 2012 ඔක්තෝබර් 25 වන අතර චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීම් අරඹන්නේ 2012 නොවැම්බර් 27 වීමයි.
එමෙන්ම ව්‍යාපෘතියේ තාක්ෂණික උපදේශක/ඉංජිනේරුවරයෙකු ලෙස හඳුන්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා හා සුප්‍රීම්සැට් සමගම එක්ව මෙරට ඩොලර් මිලියන 500ක් විනාශ කලද එම චන්ද්‍රිකාවේ අයිතිය ශ්‍රී ලංකාවට අයිති නොවීමයි.
එමෙන්ම මෙහි ගැටලු කාරී මුල්‍ය හැසිරවීම දෙස බැලීමේදී චන්ද්‍රිකාවේ වටිනාකම ඩොලර් මිලියන 200 ක් වන අතර රොකට්ටුව දියත් කිරීමේ සම්පූර්ණ වියදම ඩොලර් මිලියන 100 කට අඩු වී තිබේ. එහිදී චන්ද්‍රිකාව සෑදීමට සහ දියත් කිරීමට යන සම්පූර්ණ වියදම ඩොලර් මිලියන 300 ක් පමණ වේ. නමුදු සම්පුර්ණ චන්ද්‍රිකාවක් සදා දියත් කිරීමටත් තිබු මුදලක් වන ඩොලර් මිලියන 500ක මුදලක් “ගැලවී යන කොටසකට හා කොඩියක් ඇලවීමට” වියදම් කොට තිබේ.
එකී ගැලවී ගිය කොටස් වලට සිදු වූයේ කුමක්ද යන්න තවමත් ශ්‍රී ලංකාව නොදනී. ඒවා භාවිතා කරමින් ලංකාව සන්නිවේදන කටයුතු කරන බවට කිසිදු තොරතුරක්ද වාර්තා නොවේ.
