රුහුණු විද්‍යා පීඨයේ සිසු ගැටුමක්! – පිරිසක් රෝහලේ!

 රුහුණු විද්‍යා පීඨයේ සිසු ගැටුමක්! – පිරිසක් රෝහලේ!

රුහුණු ජාතික අධ්‍යාපන පිඨයේ ශිෂ්‍යයන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටෙමකින් තුවාල ලැබූ 12 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

අවසන් වසරේ පුහුණු ගුරුවරුන් ලෙස කටයුතු කරන සිසුන් කණ්ඩායමක් විසින් දෙවන වසරේ සිසුන් පිරිසකට පහරදීමෙන් ගැටුම ආරම්භ වී ඇති බවත් එහිදී තුවාල ලැබූ දෙවන වසරේ සිසුන් කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිස ඊයේ (26) රාත්‍රියේ සාදයක් පවත්වා ඇති අතර පසුව ඒ අතර සිටි 50 කගෙන් සමන්විත පිරිසක් විද්‍යා පීඨ පරිශ්‍රයට පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Newspedia 02

Related post