FIFA ඊයෙ තරග 4 ට මොකද වුණේ?

2022 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (25) පැවති තරඟ 04 දී ජයග්‍රහණ ලබා ගැනීමට සෙනෙගාල් හා ඉරාන කණ්ඩායම් සමත් වූ අතර තවත් තරඟ දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් විය.
පළමු තරඟය ලෙස වේල්ස් කණ්ඩායම හා ඉරාන කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල 2-0 ක් ලෙස ජය ගැනීමට ඉරාන කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Rouzbeh Cheshmi හා Ramin Rezaeian ගෝල වාර්තා කළහ.
දෙවන තරඟය ලෙස කටාර් කණ්ඩායම හා සෙනෙගාල් කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල 1- 3 ක් ලෙස ජය ගැනීමට සෙනෙගල් කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Boulaye Dia, Famara Diedhiou,Bamba Dieng ගෝල වාර්තා කළහ.
නෙදර්ලන්ත කණ්ඩායම හා ඉක්වදෝරය කණ්ඩායම අතර පැවති තරඟයේදී කණ්ඩායම් දෙකම එක් ගෝලය බැගින් වාර්තා කිරීම හේතුවෙන් එම තරඟය සම තත්ත්වයෙන් අවසන් වූ අතර එහිදී එම කණ්ඩායම් වෙනුවෙන් Cody Gakpo හා Enner Valencia ගෝල වාර්තා කළහ.
මේ අතර එංගලන්ත කණ්ඩායම හා අමෙරිකාව අතර පැවති තරඟයේදී කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකිවීම හේතුවෙන් එම තරඟය ද ජය පරාජයෙන් තොරව අවසන් විය.