මගේ පොත හිනා නොවී කියවන්න!

 මගේ පොත හිනා නොවී කියවන්න!

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන පොතක් ලියූ හිටපු මහ බැංකු අධිපතිවරයෙක් එම පොත හොඳින් කියවා රටේ ආර්ථිකයේ සැබෑ තත්ත්වය තේරුම් ගන්නා ලෙස එය විහිළුවට ලක් කරන අයගෙන් ඉල්ලා සිටියි.

මාධ්‍ය අමතමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියා සිටියේ රජය මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගියේ මන්දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරන බවය. එම ප්‍රමාදය සම්බන්ධයෙන් ඔවුන් තමන්ට චෝදනා කරන නමුත් එය ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය විසින් ගත යුතු තීරණයක් බව ඔහු පවසයි.

තම කාලය තුළ 12% ක්ව පැවති පොලී අනුපාතය 33%, 34%, 40% දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන කබ්රාල් මහතා මේ තත්ත්වය යටතේ ව්‍යාපාර කළ හැක්කේ කාටද යන්න ප්‍රශ්න කළේය.

“මෙම ක්‍රියාමාර්ග හරහා ආර්ථිකය හැකිලීම හොඳයි කියලා කවුරුහරි කියනවනම්, මම ඒකට එකඟ වෙන්නෙ නෑ”

Newspedia 01

Related post