රාජපක්ෂ ගුණ සමරුවේ ප්‍රධාන ආරාධිතයා ගජ මිතුරු රනිල්!

දිවංගත ඩී.ඒ. රාජපක්ෂගේ 55වන ගුණ සමරුව නිමිත්තෙන් පවත්වන විශේෂ ගුණ සමරු දේශන උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වී තිබේ.
රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජ සේවා පදනම විසින් සංවිධානය කර තිබූ මෙම උළෙලේ මුලසුන මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු අභ්‍යාස ආයතනාධිපති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් හොබවනු ලැබිණ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ “එක් තීරයක් – එක් මාවතක් තිරසාර සංවර්ධනයට උගත හැකි පාඩම්” මැයෙන් මැලේසියාවේ ක්වාලාලූම්පූර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමිත හෙට්ටිගේ විසින් ප්‍රධාන ගුණ සමරු දේශනය සිදු කළ බවය.