භාණ්ඩ 78 ක ආනයන තහනම ඉවත් කරයි.

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තවත් භාණ්ඩ 78ක ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දෙන්නේ සංචාරක සහ කර්මාන්ත යන ක්ෂේත්‍රයන් හි ප්‍රවර්ධනය උදෙසා අවශ්‍ය වන භාණ්ඩ රැසක් ඒ් අතර වන බවය.
ශීතකරණ, අධි ශීතකරණ, ඇගලුම්, සෙරමික් භාණ්ඩ, ටයිල්, රෙදි සෝදන යන්ත්‍ර, ගුවන්විදුලි යන්ත්‍ර, වොටර් හීටර්, බ්‍රේක් ලයිනර් සහ බ්‍රේක් පෑඩ්ස් ඒ අතර වෙයි.
මෙලෙස ආනයන සීමා ඉවත් කළ භාණ්ඩ අතුරින් 15ක් සඳහා ඒ ක්ෂේත්‍රවල බලධාරීන්ගේ නිර්දේශ මත ආනයන අපනයන පාලකගේ අනුමැතියෙන් ආනයනය කිරීමට අවසර හිමිව තිබේ.
ඒ අතරට රූපලාවාන්‍ය උපකරණ, සුවඳ විලවුන්, දන්ත සෞඛ්‍ය උපකරණ ඇතුළත් වේ.
මේවා ආනයනය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීයාගේ හෝ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හෝ නිර්දේශය අවශ්‍ය වේ.
පවතින විදේශ විනිමයි අර්බුදය හේතුවෙන් පසුගිය අගෝස්තු මස 23 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ එච්.එස්. කේත 1,468කට අයත් භාණ්ඩ ආනයනය අත් හිටුවීමට රජය කටයුතු කළ අතර අනතුරුව විවිධ පාර්ශ්වයන්ගෙන් ලද සාධාරණ ඉල්ලීම් සලකා බලා සැප්තම්බර් මස 09 දා ඉන් භාණ්ඩ 708ක ආනයන තහනම ඉවත් කිරීමට රජය පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.