ශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමට මම සූදානම් නෑ!

ශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමට තමන් කිසි ලෙසක සූදානම් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඒ අනුව රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් විධිමත් වැඩපිළිවෙළකට රජය අවතීරණය වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලිගේ 86 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමිනි.
ශ්‍රී ලාංකිකයින් ලෙස අප ස්ව උත්සාහයෙන් නැඟී සිටිය යුතු බව හා මෙවර අය වැයෙන් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,