රැකියාවේ ගැටළු හේතුවෙන් ගුරුවරියක් පැනඩෝල් 24 ක් බීලා!

අභ්‍යාස ලාභී උපාධිධාරීන් සේවයට බඳවා ගැනීමේදී ඇතිව තිබෙන ගැටළුවට විසඳුම් නොලැබීම හේතුවෙන් එක් ගුරැවරියක් පැනඩොල් 24ක් පානය කර අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
මෙම ගැටළුවට විසඳුමක් ලෙස සේවයට බඳවා ගැනීම අවුරැදු 40 දක්වා ඉහළ දමා ඇති බවත්, මන්ත්‍රීවරයා සඳහන් කළ සිදුවීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවත් ඊට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍ය, සභානායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.
“2020 අභ්‍යාස ලාභී උපාධිධාරී ගුරැවරැන් විභාගයේදී තෝරාගැනීම් සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් කරලා, ඊට අවශ්‍ය කටයුතු ටික කරලා තිබෙනවා. මෙතන තිබෙන එකම ප්‍රශ්නය 2019 තමයි මේ අයව මේකට ගත්තේ. ඒ අනුව 2019.12.31 සිට ගත්තා නම් මේක මෙතන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ.
දැන් 2021.12.31ට තමයි ඔබතුමා දාලා තිබෙන්නේ. අපි යෝජනා කරන්නේ ඔබතුමාට 2019.12.31 දැම්මොත් මේ කිසිවෙකුට අසාධාරණයක් සිදුවෙන්නේ නෑ. අද එක් ගුරැවරියක් පැනඩොල් පෙති 24ක් බීලා දැන් මේ වන විට අසාධ්‍ය වෙලා රෝහල්ගත කරලා තිබෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලනවා යම් සාධාරණ උත්තරයක් ලබලා දෙන්න කියලා.”
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර
“සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගෙන ඉන්න උපාධිධාරීන් අවුරැදු 40 ලෙස බලන්න කියලා යෝජනා කළේ ඔබතුමන්ලාගේ ඉල්ලීම අනුවම 2019.12.31ට. ඔබ කියන සිද්ධිය අවාසනාවන්ත සිද්ධියක්. සාමාන්‍යයෙන් අපේ ගුරැවරැන් තමයි පුහුණු කරන්නේ කවුන්සිලින් වලට දරැවන්. මට ටිකක් පුදුමයි ඔබතුමා කිව්ව ප්‍රශ්නය.”
අධ්‍යාපන අමාත්‍ය, සභානායක සුසිල් ප්‍රේමජයන්ත්