රට ගොඩනගන්න පුළුවන් අරගලයෙන් පමණයි!

 රට ගොඩනගන්න පුළුවන් අරගලයෙන් පමණයි!

අරගලය කොළඹ දී කිරීමට නොහැකි නම් අරගලය ගමට ගෙන යන ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ගෝල්ෆේස් පිටියේ දී අරගලය මර්දනය කරනවා නම් අරගලය ගම්වලදී කරන්නැයි අරගලකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව හෙතෙම අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අරගලයට දේශපාලකයන් හොඳටම බියවී සිටින බවත් මේ රට ගොඩනැඟිය හැක්කේ නිරපාක්ෂික අරගලයකින් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

ෆොන්සේකා මහතා මෙසේ පැවසූවේ ආරක්ෂක, මහජන ආරක්ෂක සහ තාක්ෂණ යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

Newspedia 01

Related post