75 හැවිරිදි ‘අන්වර්’ මැලේසියාවේ නව අගමැති වෙයි!

 75 හැවිරිදි ‘අන්වර්’ මැලේසියාවේ නව අගමැති වෙයි!

මැලේසියාවේ නව අගමැතිවරයා ලෙස අන්වර් ඊබ්‍රාහිම් මහතා දිවුරුම් දී තිබේ.

මැලේසියාවේ 10 වැනි අගමැතිවරයා වන ඔහු 75 හැවිරිදි වියේ පසුවෙයි.

පසුගියදා පැවති මහ මැතිවරණයේදී අන්වර් ඊබ්‍රාහිම් මහතා වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත්ත ද එය ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් නොවී ඇත.

නමුදු ඉන් අනතුරුව එරට සුල්තාන් අබ්දුල් රජු විසින් වැඩි ආසන ප්‍රමාණයක් දිනාගනු ලැබූ අන්වර් ඊබ්‍රාහිම් මහතාව අගමැතිවරයා ලෙස පත්කර තිබේ.

Newspedia 02

Related post