තරඟ වලට ක්‍රීඩකයන් තෝරන්නේ ආගමික කල්ලියක්! – චාමික කැපුවෙත් ඔවුන්! – මන්ත්‍රීවරුන් කියයි!

 තරඟ වලට ක්‍රීඩකයන් තෝරන්නේ ආගමික කල්ලියක්! – චාමික කැපුවෙත් ඔවුන්! – මන්ත්‍රීවරුන් කියයි!

මෙවර ඇෆ්ගනිස්ථාන සංචාරය සඳහා වන ජාතික කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක චාමික කරුණාරත්න තෝරා නොගැනීම ආගමික කල්ලියක කුමන්ත්‍රණයක් බව ක‍්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය උපදේශක කාරක සභාවේදී සාකච්ජා වී තිබේ.

ඒ අනුව චාමික කරුණාරත්න තෝරා නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් විමසීමක් කරන ලෙසට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී කිසියම් ආගමික කල්ලියකට අයත් ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවට මතයක් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උපදේශක කාරක සභාවේ දී පෙන්වා දී තිබේ.

Newspedia 02

Related post