කපුටු රුවක් රැගෙන පිරිසක් පොලිස් කොමිසමට.

පොලිස් කොමිසමේ සභාපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (23) දින පොලිස් කොමිසම වෙත පැමිණ විරෝධයක් පලකරන ලදී.
එහිදී ඔවුන් පවසා සිටියේ ස්වාධීන කොමිෂන් සභාවක් වන පොලිස් කොමිසමේ සභාපතිවරයා පසුගියදා මෙරට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාව පිළිගැනීමට යාම නිසාවෙන් සභාපතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි.
සමාජ ක්‍රියාකාරී ෂෙහාන් මාලක සහ සරොජ් පතිරන යන අය විසින් සංවිධානය කර තිබු මෙම විරෝධයේදී සාටකයක් දැමු කපුටෙකුගේ අනුරුවක්ද රැගෙන විත් තිබු අතර බැසිල් පිළිගැනීමට ගිය පොලිස් කොමිසමේ සභාපතිවරයා ස්වාධීන කොමිෂන් වලට අගෞරවයක් බවද පවසා සිටියේය.
පොලිස් කොමිසමේ සභාපතිවරයා සහ එහි තවත් නිලධාරියකු එදින ගුවන් තොටුපොළට ගොස් ස්වාධීන කොමිසමට කළ හෑල්ලුව හේතුවෙන් නැවත මෙම ස්ථානයට පැමිණ පැමිණිලි කිරීම ඵලක් නොවන බව ද ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේය.