අබුඩාබි T10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්.

 අබුඩාබි T10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්.

ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ආකෘතියේ හයවන සංස්කරණය නැවත පැමිණ තිබේ. වඩාත් ආකර්ෂණීය ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ම අබුඩාබි වෙත යමින් දින 12ක් උද්වේගකර තරගාවලියකට ඉඩකඩ වෙන් කරගෙන තිබේ.

අබුඩාබි T10 තරඟාවලියේ කණ්ඩායම් 8ක් තරඟ 33ක් පුරා තරඟ වැදීමට නියමිතය.

තරගාවලිය ඊයේ ආරම්භ වූ අතර අවසන් මහා තරගය දෙසැම්බර් 4 වැනිදා පැවැත්වීමට නියමිතය.

අබුඩාබි T10 හි 6 වන වාරයේ දී Dwayne Bravo, Alex Hales, Suresh Raina, David Miller, Kieron Pollard සහ Eoin Morgan වැනි ප්‍රකට ක්‍රීඩකයන් අබුඩාබි හි සයීඩ් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සන්ධ්‍යාව ආලෝකවත් කිරීමට බලා සිටියි.

ඇෆ්ගනිස්ථාන එක්දින තරඟාවලිය සඳහා සහභාගී වීම හේතුවෙන් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර තරඟාවලියට සහභාගී වී සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු පමණි.

චාමික කරුණාරත්න, ඉසුරු උදාන සහ මතීෂ පතිරණ මේ වන විට තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනායි.

Newspedia 01

Related post