2021 ට වඩා 2022 දෙවන කර්තුවේදීම මෙරට ආර්ථිකය 8.4%කින් හැකිලීලා – මහ බැංකුව

 2021 ට වඩා 2022 දෙවන කර්තුවේදීම මෙරට ආර්ථිකය 8.4%කින් හැකිලීලා – මහ බැංකුව

ශ්‍රී ලංකා ඉතිහාසයේ මුහුණ දී ඇති දරුණුතම ආර්ථික අර්බුදය තුළ 2021 වසර හා සැසදීමේදී 2022 වසරේ ජුනි මාසය (දෙවන කාර්තුව) වනවිට මෙරට ආර්ථිකය 8.4%කින් හැකිලී ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරනු ලැබූ නවතම වාර්තාවකින් දක්වා තිබේ.

වැරදි ආර්ථික කළමනාකරණය හා COVID-19 වසංගතයේ බලපෑම හේතුවෙන් ඇති වූ උග්‍ර ඩොලර් හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර, ඉන්ධන, පොහොර සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මාස 3ක් වැනි කෙටි කාලයක් තුළදී දරුණු පහත වැටීමකට ලක්වූ බව එම වාර්තාව මගින් පෙන්වා දෙයි.

රජයේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවද, 2021 හා සසඳන විට මේ වසරේ දෙවන කාර්තුවේදී කෘෂිකර්මාන්තය 8.4% කින් සහ කර්මාන්ත 10% කින් හැකිලී ගිය බවත් සේවා 2.2% කින් පහත වැටී ඇති බවත් වාර්තා කර තිබිණ.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රසායනික පොහොර තහනම නිසාවෙන් කෘෂිකාර්මික නිෂ්පාදනයට, විශේෂයෙන් මෙරට ප්‍රධාන සහල් නිෂ්පාදනයට දැඩි ලෙස බලපා ඇති බවත් ඉන්ධන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාකාරකම් අඩු වූ බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා මගින්ද පැහැදිලි වේ.

ශ්‍රී ලංකාවේ 2022 වසරේ ජුනි මාසය වනවිට 8.4%කින් හැකිලී ගිය ආර්ථිකය පිළිබඳව First Capital සිදුකරන ලද පරීක්ෂණයක් පිළිබඳව එහි ප්‍රධානී දිමන්ත මැතිව් මහතා පලකළ අදහස් මෙසේයි..

“මෙය අප මෙතෙක් දැක ඇති දෙවන දැඩිම ආර්ථික හැකිලීම මෙයයි. COVID-19 වසංගත තත්වය තුළදී රට අගුලු දැමීම හේතුවෙන් 2020 වර්ෂයේදී ශ්‍රී ලංකාව Q2 (දෙවන කාර්තුව) තුළ ආර්ථිකය 16% ක සෘණාත්මක වර්ධනයක් වාර්තා කරන තිබිණ.

නමුදු මෙය Q3 තුළ උද්ධමනය අඛණ්ඩව වර්ධනය පෙන්නුම් කොට ඇති අතර එය Q3 සහ Q4 දක්වා වර්ධනය වෙමින් සමස්ත ආර්ථික වර්ධනය 10% සිට 12% දක්වා හැකිලෙනු ඇති බවට අපි අපේක්ෂා කරයි”

සම්පුර්ණ මහ බැංකු වාර්තාව පහතින්…

Newspedia 02

Related post