හිටපු අමාත්‍ය මුත්තු සිවලිංගම් අභාවප්‍රාප්ත වෙයි!

 හිටපු අමාත්‍ය මුත්තු සිවලිංගම් අභාවප්‍රාප්ත වෙයි!

හිටපු අමාත්‍යවරයෙක් වන මුත්තු සිවලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙක් ලෙස ඒ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන ලදී.

මුත්තු සිවලිංගම් මහතා මිය යන විට 79 වන වියේ පසුවිය.

කැබිනට් අමාත්‍යවරයෙකු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු හා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කලක් කටයුතු කර ඇති ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට නුවරඑළියේ දී සිදුකිරීමට නියමිතයි

අද (23) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කඳුරට ජනතා පෙරමුණේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා ඒ පිළිබඳ සිය ශෝකය පළ කළේය.

Newspedia 02

Related post