‘වෙලේ සුදා’ගේ නඩුවක් සම්බන්ධයෙන් නියෝගයක්

 ‘වෙලේ සුදා’ගේ නඩුවක් සම්බන්ධයෙන් නියෝගයක්

ගිනි අවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ‘වෙලේ සුදා’ නමැත්තාට එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය දෙසැම්බර් 9 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය.

පැමිණීල්ලේ සාක්කිකරුවන් වශයෙන් නම් කොට සිටින බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු සාක්ෂිකරුවන්ට එදින අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස ද අධිකරණය අද (23) නියම කළේය.

කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට වැරදිකරුව මරණීය දණ්ඩනය නියමව බන්ධනාගාරයේ රඳවා සිටින ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට එරෙහිව නීතීපතිවරයා විසින් පවරා ඇතති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.

2006 අප්‍රේල් 24 දින හෝ ඊට ආසන්න දිනක බොරලැස්ගමුව ප්‍රදේශයේදී බලපත්‍රයක් නොමැතිව ටී 56 වර්ගයේ ගිනි අවියක් හා රිවෝල්වරයක් සන්තකයේ තබා ගත් බවට චෝදනා කරමින් නීතීපතිවරයා විසින් අධි චෝදනා දෙකක් යටතේ මෙම නඩුව පවරා ඇත.

තුවක්කු ආඥා පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කළ බව විත්තිකරුට එරෙහි චෝදනා පත්‍රයේ සදහන් කොට ඇත.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේද ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව නඩුව සම්බන්ධයෙන් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය දෙසැම්බර් 9 වැනිදා පැවැත්වීමට තීරණය කළ විනිසුරුවරයා නඩුව එදින යළි කැඳවීමටද නියම කළේය.

Newspedia 01

Related post