බිල නොගෙවූ ඇමති නිවසේ, කරන්ට් කපන්න ගිය සේවකයන්ට පහරදීලා!

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් කිහිප දෙනෙකුට කොළඹ 7 ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍යවරයෙකුගේ නිවසකදී පහරදීමක් සිදුව තිබේ.
අමාත්‍යවරයාගේ නිවසේ විදුලි බිල නොගෙවීම මත එහි විදුලි සැපයුම විසන්ධි කිරීම සඳහා ගිය සේවකයන් කිහිප දෙනෙකුට මෙම පහර දීම සිදුව ඇත.
අදාළ නිවසේ රුපියල් ලක්ෂ 2කට වඩා හිඟ විදුලි බිලක් ගෙවීමට ඇති නිසා එම විදුලිය විසන්ධි කිරීමට අද පෙරවරුවේ සේවකයන් කිහිපදෙනකු ගොස් ඇති අතර එහිදී ඇති වූ බහින් බස් වීමක් මත මෙම පහරදීම සිදුව ඇතැයි වාර්තා වෙයි.
මෙම හිටපු අමාත්‍යවරයා අවස්ථා කිහිපයකදීම පක්ෂ මාරු කර ඇති පුද්ගලයකු වන අතර දේශපාලන පවුලකින් පැවත එන්නෙකි.
උපුටා ගැනීම – lanaka c news