ත්‍රස්තවාදී පනතින් දින 89 ක් රඳවාගෙන සිටි සිරිධම්ම හිමිට ඇප

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 89 ක කාලයක් රඳවාගෙන පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් අද ඇප මත මුදාහැරිණ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී එන් එල් මහවත්ත මහත්මිය විසින් එලෙස ඇප නියම කෙරුණු අතර, ගල්වැව සිරිධම්ම හිමියන්, බන්ධනාගාර නිලධාරීන් විසින් මුහුණු ආවරණය කොට අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරියට රැගෙන එනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ සැකකරු ඇප මත මුදා හැරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවය.
එබැවින් සැකකාර හිමි ඇප මත මුදා හරින්නැයි ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව ගල්වැව සිරි ධම්ම හිමියන් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය මසකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කළාය.
නියෝග සැකකාර හිමිනමට විදෙස් ගමන්ද තහනමක් පැනවූ අතර මෙම නඩු කටයුත්තට අදාළව කිසිදු ප්‍රකාශයක් මාධ්‍ය හමුවේ සිදු නොකරන ලෙසටත් ප්‍රචණ්ඩකාරී අයුරින් හැසිරුණු බවට පැමිණිලි ලදහොත් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටත් අධිකරණය විසින් නියෝග කරන ලදී.