ගෝඨගෙ කට්ටියම භාවිත කරමින් රනිල් අරගලයට පිළිතුරු දුන්නා!

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් තමන්ගේ මතයට ගැනීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් ලැබුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. එසේ නම් සමගි ජන බලවේගයේ පිරිසක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මතයට එකඟ වෙන බව ඔහුගේ අදහසයි. ‘දේශපාලනයෙ සදාකාලික මිතුරෝද සතුරෝද නැත’ යැයි ඔහු සඳහන් කළේය.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති ධුරය කිරිම සඳහා මහින්ද රාජපක්ෂ මහතා පූර්ණ සහාය ලබාදුන් බවත් අරගලය පැමිණි අවස්ථාවේදී එයට මුහුණ දෙන ලෙස සඳහන් කළ බවත් රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම හමුදාපතිවරුන්ම, පොලිස්පතිවරුන්ම භාවිත කරමින් අරගලයට පිළිතුරු දුන් බවද රෝහිත අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.