අර්බුදය ඇති කළේ රට පාලනය කළ ආණ්ඩු! – එහි ප්‍රතිඵලය ජනතාවට!

 අර්බුදය ඇති කළේ රට පාලනය කළ ආණ්ඩු! – එහි ප්‍රතිඵලය ජනතාවට!

මෙරට ආර්ථික අර්බුදයක් ඇති වීමට හේතුව දශක ගණනාවක් රට පාලනය කළ ආණ්ඩුවල ක්‍රියාකලාපය බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

එසේ ඇති වූ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ දී දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදුව ඇති බවත් ඒ ඔස්සේ පොලී අනුපාතය ඉහළ දැමීම ආදී තීරණ ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ඒ මහතා සඳහන් කරයි.

නමුදු පොලී අනුපාතය ඉහළ දැමීම ආදීය සෘජුව පැනවීම සිදුවන්නේ ආර්ථික අර්බුදයට වගකිව යුතු ආණ්ඩුවලට නොව රටේ ජනතාවට බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

Newspedia 02

Related post