විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සල් සේවා ගාස්තු ඉහළට!

 විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සල් සේවා ගාස්තු ඉහළට!

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සල් අංශය මගින් ඉටුකරනු ලබන කොන්සල් කර්තව්‍ය සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

එහි ප්‍රාදේශීය කාර්යාල මගින් ඉටුකරනු ලබන කොන්සල් කර්තව්‍ය සම්බන්ධයෙන් වන ගාස්තු මෙමගින් සංශෝධනය කර තිබේ.

ඒ අනුව ලබන වසරේ ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු සංශෝධනය සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා ගැසට් නිවේදනය ද නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව විභාග සහතික සත්‍ය බවට සහතික කිරීමේ ගාස්තුව රුපියල් 500 සිට රුපියල් 800 දක්වාත්, විදේශ ජාතිකයෙකුට ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන යම් ලේඛනයක් සත්‍ය බවට සහතික කිරීමේ ගාස්තුව රුපියල් 1,500යේ සිට රුපියල් 3,000 දක්වාත් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

ඊට අමතරව ගාස්තු ඉහළ දමා ඇති සේවා

  • විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හෝ දූත කාර්යාල මගින් ඉලෙක්ට්‍රොනික ලේඛන සහතික කිරීමේ ගාස්තු
  • උප්පැන්න සහතිකයක් ලියාපදිංචි කිරීමේ සහ නිකුත් කිරීමේ ගාස්තු
  • මරණ ලියාපදිංචි කිරීමේ ගාස්තු
  • විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු
  • ලේඛනවල නිත්‍යානුකූලභාවය සනාථ කිරීමේ සහතික ගාස්තු

Newspedia 02

Related post