ලයිකා මොබයිල් සහ අදානිට විකිණෙන ‘ටෙලිකොම්’

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විදේශ ආයෝජකයන් සඳහා විකිණීමට ගෙන ඇති තීරණය අයවැය යෝජනාවෙන් වහාම ඉවත් කර ගන්නා ලෙස ටෙලිකොම් වෘත්තීය සමිති පවසයි.
ඒ අනුව ‘රජයට ආදායම් ලබා දෙන ටෙලිකොම් ආයතනය විකිණීම වහා නවතනු’ මැයෙන් රට පුරා හෙට (23දා) සිට දැවැන්ත විරෝධතා මාලාවක් පවත්වන බව සියලු විදුලි සංදේශ සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ජගත් ගුරුසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ගත වූ මාස නවයේදී පමණක් රජයට බදු ගෙවීමෙන් පසු ලබා ගෙන ඇති ශුද්ධ ලාබය රුපියල් බිලියන නවදහස ඉක්මවන බව ලේකම්වරයා පවසයි.
මෙවැනි දැවැන්ත ලෙස ලාබ ලබන ආයතනයක් ලයිකා මොබයිල් සහ අදානි යන සමාගම් සඳහා කුණු කොල්ලයට විකුණා දැමීම හරහා මෙරට ජාතික ආරක්ෂාවට පවා දැඩි තර්ජනයක් එල්ල වන බවද ජගත් ගුරුසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය යනු රත්තරන් බිජු දමන කිකිළියක් බවත් වසර පහකට වරක් පත්වන එය සෑම රජයකටම ලබාදෙන දෑවැද්ද බවත් පැවසු ලේකම්වරයා පවසා සිටියේ මෙලෙස ලාබ ලබන ආයතනයක් වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා පවසන පරිදි මහජනතාවට බරක් වන්නේ කෙසේද යන්න ගැටලුවක්ය.