‘මිසිස් ශ්‍රී ලංකා’ තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ අය ගැන හෙළිකරයි.

මිසිස් ශ්‍රී ලංකා කිරුළ දිනූ රසාංගි චාමිකාගෙන් “මිසිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් – 2022” තරඟයේ සංවිධායකයින් ලිංගික අල්ලසක් ඉල්ලා ඇති බවට ඇය චෝදනා කරයි.
ඊයේ (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රසාංගි චාමිකා කියා ඇත්තේ මියන්මාරයේ පැවති තරඟයට සහභාගී වූ අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇති බවය.
සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළි කරන ඇය කියන්නේ උත්සවයේ සංවිධායකයෙකු දුරකථනයෙන් තමා අමතා ලිංගික අල්ලසක් ඉල්ලා සිටි බවය. ඔහු තමාට ගංජා පානය කිරීම සඳහා ඔහුගේ නිවසට පැමිණෙන ලෙස ආරාධනා කළ බව ද ඇය හෙළි කරයි.
තමන් යහළුවෙකු සමඟ පැමිණෙන බව දන්වා සිටි නිසා සංවිධායකවරයා තමන්ට ලබාදී තිබූ පහසුකම් කපා හැරි බවත් එමගින් උත්සවයේදී ලංකාවට අපකීර්තියක් ගෙන දුන් බවත් රසාංගි චාමිකා පැවසුවාය.
එබඳු හඬපට රැසක් තමා සන්තකයේ තිබූ බව පවසන ඇය සිය කතාවට සහාය දක්වන හඬ පටයක් ද මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
“මෙම සිදුවීමෙන් පසු තරගයට අදාළ මුදල් නොගෙවීම හේතුවෙන් අවසන් මහා තරගයට සහභාගි වීමට නොහැකි වන බව සංවිධායකයින් මට දැනුම් දුන්නා. ශ්‍රී ලංකා මහ බැංකු රෙගුලාසිවලට අනුව ශ්‍රී ලංකාවේ සිටින මගේ ඥාතීන්ට මුදල් එවීමට බැරි නිසා ඇමරිකාවේ සිටින මගේ සැමියා ඩොලර් එව්වා. කෙසේ වෙතත් ඒ වන විටත් තරගයේ සංවිධායකයන් මාව අවසන් පේළියට දැම්මා. මගේ ඉස්සරග හිටියෙ උසින් වැඩි ඉන්දීය කාන්තාවක්, ඒ නිසා මාව වේදිකාවේ පෙනුනේ නෑ.”
ඇයගේ නීතීඥ සදරුවන් සේනානායක දන්වා ඇත්තේ තම සේවාදායකයාගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවය.