කොන්දේසි විරහිතව පොහොට්ටුව ජනපතිට සහාය දෙනවා!

අයවැයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොන්දේසි විරහිතව සහය පළ කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නේ පවතින තත්වය තුල රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනුනේ පොහොට්ටුවේ සහයෝගයෙන් බවත් මේ නිසා දෙපාර්ශවය අතර අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව කටයුතු සිදුකෙරෙන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
කටුනායක පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රණතුංග මහතා මේ බව සඳහන් කළේය.