විනෝද සමය නිමැවුම්කරු ඇල්ෆ්‍රඩ් පෙරේරා සමුගනී..

ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම ගුවන් විදුලි නිවේදකයෙකු වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති නිවේදකයකු වශයෙන් ඒ මහතා දීර්ඝ කාලයක් කටයුතු කළේය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එසැන භාෂා පරිවර්තකයකු වශයෙන් ද ඔහු දීර්ඝ කාලයක් කටයුතු කර තිබේ.
ඔහු කලක් පිලිපීනයේ මැනිලා නුවර වෙරිටාස් ගුවන්විදුලි සේවයේ සිංහල අංශය භාරව කටයුතු කළේය.
ගුවන් විදුලියේ ඉතා ජනප්‍රිය ‘විනෝද සමය’ වැඩසටහනේ නිර්මාතෘවරයා මෙන්ම ආරම්භක නිවේදකයා වූයේ ද ඇල්ප්‍රඩ් පෙරේරා මහතායි.
ඔහු චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ අතර ටෙලි නාට්‍ය කිහිපයකද රඟපෑවේය.
අද පස්වරුවේ දළුගම පිහිටි පෙරේරා මහතාගේ නිවසේ දී මිය යන විට ඔහු 93 වන වියේ පසුවිය.
අවසන් ගෞරවය සඳහා දේහය මාකොළ පිහිටි supreme අවමංගල්‍යාගාරයේ තැන්පත් කර තැබීමට නියමිතය.
අවමගුල් කටයුතු අඟහරුවාදා සවස 3.30 ට දළුගම දේවස්ථාන සුසාන භූමියේදී සිදු කෙරේ