මිනිස් ජාවාරම්කරුට එරෙහිව දුෂ්‍යන්ත්ගෙන් පැමිණිල්ලක්!

සෙනසුරාදා (19) අත්අඩංගුවට ගත් මිනිස් ජාවාරමේ නිරත වූ බවට පැවසෙන ප්‍රධාන සැකකරු ඇතුළු තවත් කිහිප දෙනෙකුට එරෙහිව ජනප්‍රිය කලාකරු දුෂ්‍යන්ත් වීරමන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් කර තිබේ.
දුෂ්‍යන්ත් වීරමන්ගේ නිවසේ කලක් සේවය කළ කාන්තාවක් ද අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නීති විරෝධී ක්‍රියාවට ගොදුරු වූ බවට පැවසේ.
“මේ අය රැකියා සොයා දෙන අය විදියට ලියාපදිංචි වුනාට ඔවුන් විදේශ ගත කරන්නෙ සංචාරක වීසා භාවිතා කරලා. මේ නිසා වැරදි පාරේ ගිහින් ඕමානය වගේ රටවලට මිනිස්සු විකුණනවා. මේ මගඩියට අපි දන්නා අඳුනන පුද්ගලයෙකුත් අහුවුණා වාසනාවකට වගේ, ඔවුන් ආපසු ගෙන්වා ගැනීමට අපට උදව් ලැබුණා.”
දුෂ්‍යන්ත් වීරමන්