නිසි කාලයට විශ්‍රාම නොගිය මහතීර්ට වූ දේ රාජපක්ෂටත් නොවෙයිද?

 නිසි කාලයට විශ්‍රාම නොගිය මහතීර්ට වූ දේ රාජපක්ෂටත් නොවෙයිද?

මැලේසියාවේ කෘතහස්ත දේශපාලන නායකයෙකුව සිටි මහතීර් මොහොමඩ් වසර 53 කට පසු සිය පළමු මැතිවරණ පරාජයට සෙනසුරාදා මුහුණ දුන්නේය.

මෙම බිඳවැටීම මහතීර්ගේ දශක හතක දේශපාලන ජීවිතයක අවසානය කඳුළින් සටහන් කරන්නක් බව දේශපාලන විචාරකයෝ පවසති.

97 හැවිරිදි මහතීර්, දශක දෙකකට වැඩි කාලයක් මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, ලන්කාවි දූපත් මැතිවරණ කොට්ඨාශයේ සිය පාර්ලිමේන්තු අසුන රඳවා ගැනීමට අපොහොසත් වූයේ පස්කොන් සටනකින් සිව්වන ස්ථානයට පත්වෙමිනි.

මහතීර් 2018 දී දෙවන වරටත් අගමැති ධුරයට පත්වෙද්දී ඔහුගේ 93 වැනි උපන්දිනයට මාස දෙකක් තිබියදී “ලෝකයේ වයස්ගතම වත්මන් අගමැති” ලෙස ගිනස් ලෝක වාර්තාව තබා තිබේ.

මහතීර් මොහොමඩ් මැලේසියාව ගොඩ නැගූ නායකයා ලෙස ඔහුගේ කීර්තිනාමය ද රඳවාගෙන දේශපාලනයෙන් ඉවත් වූයේ නම් මේ දුක්ඛිත ඉරණමට ගොදුරු නොවනු ඇත. ජීවිතයේ සැඳෑ සමයට එළඹෙද්දී තුරුණු විය සහ මැදිවියේ හපන්කම් ස්මරණය කරමින් සුවෙන් සැපෙන් රටට දැයට යම් මෙහෙයක් ඉටු කළා යැයි සතුටින් මියෙන්නට යමෙකුට හැකි නම් ජීවිතයේ ලද හැකි උත්තරීතර සැපයක් වනු නොඅනුමානය.

මහළුවියේ අන්තයේ දී ද දේශපාලනයේ එල්ලෙමින් බලලෝභීත්වය උදෙසා ම කටයුතු කරන්නේ නම් මහතීර් මොහොමඩ්ට අද අත් වූ ඉරණම ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂට ද අත් වීමට ඉඩ තිබෙන බව පමණක් අපි ප්‍රකාශ කරමු.

Newspedia 01

Related post