‘උනුත් එකයි මුනුත් එකයි’ කියන උනුත් පවුල් ජුන්ටාව හදන්න හවුල්

’74 වසරක උනුත් එකයි මුනුත් එකයි කියන අයත් පවුල් පාලනය නිර්මාණය කරන්න හවුල් වූ බව අමතක නොකරන ලෙස විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ සමගි විහිදුම් බලගනයේ කොලඹ දිස්ත්‍රික්ක සමුලුවට එක්වෙමිනි. ගරා වැටුනු දේශය නැවත ගොඩනගන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
සමගි විහිදුම් බලගනයේ කොළඹ දිස්ත්‍රික් සමුලුව අද දින සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මූලිකත්වයෙන් නෙලුම් පොකුණ රංග පීඨයේ දී පැවැත්විනි.
මේ අවස්ථාව සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා, සමගි විහිදුම් බලගනයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඇතුලු පිරිසක් සහභාගි වී සිටියහ.
සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකා, රංජිත් මද්දුමබණ්ඩාර හා හේෂා විතාන යන මහත්වරුන් මෙහිදී අදහස් දැක්වූහ .
සජිත් ප්‍රේමදාස මහතා එහිදී දැක්වූ අදහස් මෙසේය.
- අපි තරුණ උපදේශණ කවුන්සිලයක් නිර්මාණය කරනවා
- තරුණ සංවර්ධන අරමුදල අපි ගොඩනගනවා
- විනයගරුක නීතිගරුක රටක් නිර්මාණය කරනවා
- දූෂණය මර්දනය කර අල්ලස පිටුදකින ස්වාධීන රාජ්‍ය ආයතන නිර්මාණය කරනවා
- දේශීය ව්‍යවසායකත්වයට මුල්තැන දෙනවා
- ජනතා කේන්ද්‍රිය ආර්ථිකයක් හදනවා
- 74 වසර උනුත් එකයි මුනුත් එකයි කියන අයත් අමතක කරන්න එපා! පවුල් ජුන්ටාව නිර්මාණය කරන්න උනුත් හවුල් කියන එක අමතක කරන්න එපා
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල තාරුණ්‍යය කේන්ද්‍ර කරගෙන රට පාලනය කරන අලුත් ක්‍රමයක් අපි ක්‍රියාත්මක කරනවා.
- අපි හදපු ඉණිමගේ ඉහළට යන්න ප්‍රේමදාසලා, සේනානායකලා, බණ්ඩාරනායකලා වෙන්න ඕනේ නෑ තමන් මහන්සිවෙනවානම් කැපකිරීම් කරනවානම් සමගි ජන බලවේගය ඇතුලේ ඉඩ තියෙනවා. පවුල් පාලනය නෑ
- ගරාවැටුනු දේශය ගොඩනගනවා
- කඩා වැටුනු මාතෘ භූමිය ගොඩනගනවා