ඉන්ධන මිල සූත්‍රය ගැන අලුත් යෝජනාවක්!

 ඉන්ධන මිල සූත්‍රය ගැන අලුත් යෝජනාවක්!

දැනට ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් නව යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කොට තිබේ.

ඒ අනුව, ඉන්ධන මිල සූත්‍රය මසකට වරක් ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාව සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සෙනසුරාදා (19) පැවති ඛණිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමයේ 50 වැනි සංවත්සර උත්සවය අමතමිනි.

“ඉන්ධන මිල සූත්‍රය මසකට දෙවරක් එනම් සෑම මසකම 1 සහ 15 යන දිනවල ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත්, අලෙවි නියෝජිතයින්ට මූල්‍යමය අලාභයක් සිදුවන බැවින් දින දෙකකට පෙර ඇණවුම් නොකළ බව නිරීක්ෂණය වුණා.”

“එබැවින් ඉන්ධන මිල සූත්‍රය මසකට වරක් ක්‍රියාත්මක කිරීමට අපි තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධ යෝජනාව සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

Newspedia 01

Related post