ලාභ ලබන ආයතනත් විකුණන්න ඕනෙ. ආයතන වික්කම ඩොලර් සංචිත වැඩි වෙනවා

ලාභ ලබන ආයතන අලෙවි කිරීමෙන් රටට විශාල හානියක් සිදුවන බව බොහෝ දෙනෙකු පවසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය, රක්ෂණ, හිල්ටන්, හා අනෙක් ආයතන අලෙවි කිරීම සිදුකරන්නේ ඩොලර්වලට බවත්, එමඟින් බිංදුවට තිබෙන මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 03කින්වත් වැඩිවනු ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
එමෙන්ම මෙරට විශ්‍රාම වැටුප් සේවක අර්ථ සාධක අරමුදල 50% කින් අඩපණ වී බාල්දු වී ඇති බවත් මෙමඟින් ඒවා දියුණු කළ හැකි බවත් ඔහු අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමා බලන්නේ ජනතාව දිහා මිස ගොඩනැගිලි දිහා නොවන බවය.
ඒ, කොළඹදී පැවති අයවැය පසු විපරම් සමුළුවක් අමතමිනි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින් විසින් 2023 අයවැය පසු විපරම් සමුළුවක් අද කොළඹදී එලෙස සංවිධාන කර තිබුණි.
“බාධක අභිබවා ඉලක්ක වෙත ළඟාවීම” යන තේමාව යටතේ සංවිධාන කළ මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය.
එහිදී අදහස් දැක්වූ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා,
“ඇයි මේ ලාභ ලබන ආයතන විකුණන්නේ අහනවා. මේකෙන් රටට විශාල හානියක් වෙනව කියනවා. මේවා කරලා හරි ගියේ නැහැනේ කියනවා..ශ්‍රී ලන්කන් ගුවන් සේවය, රක්ෂණ, හිල්ටන්, හා අනෙක් ආයතන අපි විකුණන්නේ ඩොලර්වලට. බිංදුවට තියෙන අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 3කින් වත් වැඩි වෙනවා. සංචිත වැඩි වුණාම ගෙදර කුස්සියේ මුදල් ශක්තිමත් වෙනවා. අපේ විශ්‍රාම වැටුප්, සේවක අර්ථ සාධක අරමුදල දැන් 50% කින් අඩපණ වෙලා තියෙන්නේ..බාල්දුවෙලා. ඒක ආයෙත් දියුණු වෙනවා.”
“ඉතින් අපි මොකක්ද කරන්න ඕනේ. ජනතාව ශක්තිමත් කරනවාද?.. නැත්නම් ජනතාවගේ මුදල් අරගෙන ආපසු ගුවන් සමාගම්වලට දානවාද?.. මං බලන්නේ මිනිස්සු දිහා.. ගොඩනැගිලි හෝ සමාගම් දිහා නෙමෙයි.”
ජනාධිපති රනිල් වික්‍රමසිංහ