ජමාල් කිෂෝගී ඝාතනය: සල්මාන් අගමැති වීම නිසා විනිර්මුක්තිය හිමිවේ.

 ජමාල් කිෂෝගී ඝාතනය: සල්මාන් අගමැති වීම නිසා විනිර්මුක්තිය හිමිවේ.

ලෝකයේ වඩාත් කතාබහකට ලක්වූ ජමාල් කිෂෝගී ඝාතන නඩුවේ චූදිතයෙකු වූ සිටි සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු සහ අග්‍රාමාත්‍ය මොහොමඩ් බින් සල්මාන් කුමරුන්ට විනිර්මුක්තිය ඇති බව අමෙරිකානු අධිකරණය විසින් තීරණය කර තිබේ.

අමෙරිකානු අධිකරණය විසින් පවසා ඇත්තේ ‍සල්මාන් කුමරුන් සෞදි අරාබියේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමත් සමඟ ඔහුට මෙලෙස විනිර්මුක්තිය හිමිව ඇති බවය.

2018 වසරේ දී මාධ්‍යවේදියෙකු වන ජමාල් කිෂෝගි කෲර‍ ලෙස ඝාතනය කිරීම සඳහා කුමරුන් විසින් අණ ලබාදුන් බවට අමෙරිකානු බුද්ධි අංශ විසින් සැක පළ කළ අතර පසුව ජමාල් කිෂෝගීගේ පෙම්වතිය විසින් ඒ සම්බන්ධව අමෙරිකානු අධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කරන ලදී.

Newspedia 01

Related post