‘කපුටා’ එනවා කීවාම ප්‍රසන්නට කේන්ති යයි

අයවැය දිනවීමට “කපුටා’ ළඟදීම නැවතත් ලංකාවට එන බව ආරංචි යැයි සමගි ජන බලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
“අපි බලමු එයා ඇවිල්ලා මොනවද කරන්නේ කියලා” යැයිද ඔහු ප්‍රකාශ කළේය.
මේ රටේ බොහෝ දේශපාලනඥයන්ගේ ඔළුවේ තියෙන්නේ ජනාධිපතිතුමාට බැඳලා හෝ ඇමති ධුරයක් ලබාගෙන කොහෙන් හෝ සල්ලි ටිකක් යටි මඩි ගසා ගැනීම බවද හෙතෙම සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
මන්ත්‍රීවරුන්ට කපුටා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම කැත පහත් වැඩක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
“ඔයා කතා කරන මන්ත්‍රීතුමාත් කාලයක් කපුටා පස්සේ ගියා” යැයිද ඔහු සඳහන් කළේය.
රණතුංග මහතා මෙසේ පැවසුවේ අයවැයට පෙර කපුටා ලංකාවට එන බවට සමගි ජන බලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා කළ ප්‍රකාශයෙන් අනතුරුවය.
අද මෙතන කතාකරන මන්ත්‍රීවරුන්ගේ පියවරුන් ඇතුළු ඥාතීන් මේ පාර්ලිමේන්තුවේ සිටි බවත් ඒ අය වගකීම ඉටු කළා නම් රටට මෙවැනි තත්ත්වයක් උදා නොවන බවත් රණතුංග මහතා කීවේය.