හිටපු ජනාධිපති මහින්දගේ උපන් දිනය අදයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය අදට (18) යෙදී තිබේ.
ඒ මහතා අද දිනයේ සිය 77 වන වසරට එළඹෙයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය වෙනුවෙන් නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද අලුයම කිරි අම්මාවරුන්ගේ දානමය පින්කමක් ද පැවැත් වී තිබේ.
අද පස්වරුවේ තංගල්ල නගර සභාවේ දී ජය පිරිත් දේශනයක්ද පැවැත්වීමට සංවිධානය කර තිබේ.