විශ්‍රාමික පොලිස් නිලධාරියා එල්ලී මිය යාම සැකයි!

 විශ්‍රාමික පොලිස් නිලධාරියා එල්ලී මිය යාම සැකයි!

විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙක්ගේ සිරුරක් කළුතර නිවසක විදුලි පංකාවක එල්ලෙමින් තිබියදී අද (18දා) උදෑසන හමුවූ බව කළුතර දකුණ පොලිසිය පවසයි.

විශ්‍රාමික පොලිස් පරීක්ෂක ජේ. රෝහණ ද සොයිසා නමැති 68 හැවිරිදි දෙදරු පියෙකුගේ සිරුරක් මෙසේ හමුවූ බව පොලිසිය කීය.

මියගොස් ඇති පොලිස් නිලධාරීයාගේ පවුලේ සමීප සාමාජිකයකු පදිංචි කළුතර , පලාතොට ප්‍රදේශයේ නිවසක කාමරයක විදුලි පංකාවක නයිලොන් ලණුවකින් සිරුර එල්ලමින් තිබියදී සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි .

කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකරන ලදී . පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මළසිරුර කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබුණි .

කළුතර මුලස්ථාන පොලිස් පරීක්ෂක (වැබ) නයනප්‍රිය මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති .

Newspedia 01

Related post