මෙරට කතුන් ඕමානයේදී ගණිකාවන් කළ තානාපති නිලධාරියාගේ වැඩ තහනම්

 මෙරට කතුන් ඕමානයේදී ගණිකාවන් කළ තානාපති නිලධාරියාගේ වැඩ තහනම්

ඕමානයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු දී රැගෙන ගිය මෙරට තරුණියන් හා කාන්තාවන් එරට කාර්යාලවලදී ගණිකා වෘත්තිය වැනි විවිධ අකටයුතු කටයුතු සඳහා විකිණීමේ ජාවාරමක් පසුගිය දින වලදී අනාවරණය විය.

මෙරට කතුන් එරට හාම්පුතුන්ට රිසි සේ තෝරාගැනීමට පෝලිම් ගස්සවා ප්‍රදර්ශනය කර විකිණිමේ ජාවාරම පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කිරීමට අදාල වාද විවාද පාර්ලිමේන්තුව තුළදීත් සිදුවිය.

ඒ අනුව මෙරට තරුණියන් හා කාන්තාවන් විකිණිමේ ජාවාරමට අනුබල දුන් බවට සැකකරන ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියාගේ වැඩ තහනම් කොට මෙරටට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එසේම මෙම ජාවාරමට සම්බන්ධ දේශීය තැරැව්කරුවන් සොයා අපරාධ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

ඩුබායි සහ අබුඩාබි බලා ගුවන් මගින් රැගෙන යන ශ්‍රී ලාංකික කතුන් එතැනින් ඕමානයට රැගෙන ගොස් ගණිකා වෘත්තිය වැනි විවිධ අකටයුතු සඳහා යොදවන බවට මේවන විට තොරතුරු හෙළිදරව් වී තිබේ.

එසේ පීඩාවන්ට සහ අඩන්තේට්ටම්වලට ලක්ව දැනට ඕමානයේ සිරවී සිටින කාන්තාවන් 90 දෙනකු පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට සහාය අපේක්ෂාවෙන් පසුවන බවත් ඔවුන් එරට අගනුවර වන මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් සහාය ඉල්ලා ඇති බව සඳහන් ය.

ඔවුන්ව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයේ වියදමින් ආරක්‍ෂිත ස්ථානයක නවතා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

මේ වනවිට මෙරට කාන්තාවන් 240 දෙනෙක් පමණ නැවත මෙරට එවා ඇති බවත් අදාළ සඳහන් වේ.

Newspedia 02

Related post