ට්විටර් සමාගමේ සියලු කාර්යාල හදිසියේම වසා දැමේ!

ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන බව සේවකයින්ට දැනුම්දී තිබේ.
එය තාවකාලිකව වසා දැමීමක් බවත් ලබන සඳුදා නැවත කාර්යාල විවෘත කරන බව එම සමගම සේවකයින්ට දැනුම්දී ඇත.
මේ අතර ට්විටර් සමාගමේ නව හිමිකරු වන ඉලොන් මස්ක්, ට්විටර් සමාගමේ සේවකයින් වෙත තවත් ඊමේල් පණිවුඩයක් යවා දන්වා ඇත්තේ “දිනකට වැඩි වෙලාවක් දැඩි කැපවීමකින් යුතුව වැඩ කළ යුතු බවත් නැතහොත් ඔවුන් සමාගමෙන් ඉවත්ව යා යුතු බවත් ය.”
එමෙන්ම සමාගමේ රැඳී සිටීමට කැමති සේවකයින් ඊට අදාළ ව ප්‍රතිඥාවක් දීමට එකඟ විය යුතු බවත් එම ප්‍රතිඥාවට අද (17) වනවිට සිය එකඟතාවය පළ නොකරන සේවකයින් ව මාස තුනක වැටුප් ගෙන සේවයෙන් ඉවත් විය හැකි බව ඉලොන් මස්ක් වැඩිදුරටත් පවසා තිබේ.