2023 පාසල් පෙළපොත් මුද්‍රණ ගාස්තු, 7ගුණයකින් වැඩිවෙලා!

 2023 පාසල් පෙළපොත් මුද්‍රණ ගාස්තු, 7ගුණයකින් වැඩිවෙලා!

2023 නව පාසල් වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය සඳහා වියදම 2022 වසරට සාපේක්ෂව සත්ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.

මේ වසරේදී (2022) පාසල් පෙළපොත් මුද්‍රණය සඳහා සමස්ත වියදම රුපියල් මිලියන 2338 ක් වැය වුවද 2023 නව පාසල් වර්ෂය සඳහා අවශ්‍ය පෙළපොත් මුද්‍රණයට රුපියල් මිලියන 16,000ක් පමණ වැයවන බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් පී.එන්. අයිලප්පෙරුම මහතා පවසයි.

2023 වර්ෂය සඳහා වන පෙළපොත්වලින් 45%ක් මුද්‍රණ සංස්ථාව මගින් මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර ඒ සඳහා අවශ්‍ය කඩදාසි ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගැනීමට අමාත්‍යංශ ප්‍රසම්පාදන අංශය මගින් කටයුතු කරමින් සිටින බවද මේ අතර වාර්තාවේ.

ඉතිරි 55% පෞද්ගලික අංශය මගින් මුද්‍රණය කිරීමට නියමිතය.

මේ වන විට පෞද්ගලික අංශයේ ආයතන 22ක් තෝරාගෙන ඇති අතර ඇණවුම ලබා දුන් විගස මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට ඔවුන් සූදානම් බවද කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍යට පවසා තිබේ.

2022 තෙවැනි වාරය අවසන් වන්නේ ලබන මාර්තු මාසයේ බැවින් නව වසර සඳහා අවශ්‍ය සියලු පෙළපොත් අප්‍රේල් මාසය වන විට සියලුම පාසල්වලට ලබා දිය හැකි බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Newspedia 02

Related post